නව කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන සිදුකර ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ආරක්ෂක අමාත්‍ය විෂය පථයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 12 ක් ගැසට් කර තිබෙනවා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි අංශය ඊට ඇතුළත්.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 12 ක්.
රක්නා ආරක්ෂණ ලංකා සමාගම, රණවිරු සේවා අධිකාරිය, අපි වෙනුවෙන් අපි අරමුදල සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊට ඇතුළත්.
ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ව්‍යසන කළමණාකරනය සඳහා වූ ජාතික සභාව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 5 ක් ගැසට් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට