නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ 8 වන විධායක ජනධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
එමෙන්ම සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්