තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මෙරට කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගියා.
සියලු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතීය හා සාමය පවත්වා ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය ට අයත්.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයටයි.
තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ප්රශස්ත තොරතුරු තාක්ෂණය – ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම ඇතුළු කාර්යභාරයන්.
මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් සහ ආශ්රිත ආයතන තාක්ෂණ අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.
ප්‍රමිති ආයතනය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන ඇති බවයි ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
මීට අමතරව තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන්ද සංශෝධනය කර තිබෙනවා.
නව ගැසට් නිවේදනයට අනුව ජනාධිපති කාර්යාලයේ කර්තව්‍යන් ද පුළුල් කර තිබෙනවා.
ජනාධිපති කාර්යාල ජාතික ප්‍රමුඛතා යටතේ විෂය පථය සංශෝධනය කර ඇත්තේල ,ඵලදායි ජනතා කේන්ද්‍රීය සේවා සැපයීමක් සහතික කිරීම සහ දිළිඳු බව තුරන් කරමින් සුරක්ෂිත රටක් ඇති කිරීම සඳහා ආර්ථික හා සාමාජීය වශයෙන් බලගැන්වීම පිණිස තිරසර ආයෝජනයක් සහිත උපාය මාර්ගික ප්‍රවේශයක් කරා ජාතික මට්ටමෙන් මග පෙන්වීම යනුවෙන්.
ජාතික ආරක්ෂාවල කොවිඩ් වසංගතය පැතිරීමේ අවදානම දුරු කිරීම, මත්ද්‍රව්‍ය පිටුදැකීම, පුරා විද්‍යා සංරක්ෂණය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, දිළිඳුකම පිටුදැකීම හා ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ඇති ජනාධිපති කාර්ය සාධක බලකායන් සමග සියළු අමාත්‍යංශල සිය විෂය ක්ෂේත්රයට අදාළ කටයුතු සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කළ යුතු බවද ගැසට් නිවේදනයේ ජාතික ප්‍රමුඛතා ලෙස දක්වා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මකවනවා.
මීට අමතරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවල විදුර වික්‍රමනායක මහතා අමාත්‍යධුරය දරන ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂය යටතට ගෙන තිබෙනවා.
මීට පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අමාත්‍යංශ විෂය පථයන් නොවැම්බර් 18 සිට ක්‍රියාත්මකවන පරිදි සංශෝධනය කර ඇති බවයි ජනාධිපතිවයයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්