ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු නව ක‍්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ සඳහා පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකාරක සභාව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
නව ක‍්‍රිඩා පනත ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට පවතින 1973 ක‍්‍රිඩා පනත අහෝසී වීමට නියමිතයි.
පවතින ක‍්‍රිඩා පනතේ යල් පැන ගිය නීති රෙගුලාසි ඉවත් කර නවීන තාක්ෂණයට ගැලපෙන ලෙස ක‍්‍රිඩාව ඉදිරියට ගෙන යාමට අදාලව නව පනතක් සකස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්