නව කැලඩෝනියාව යනු ,1998 දී නුමියා ගිවිසුම යටතේ ප්‍රංශයේ පාලනයට යටත් දූපත් සමූහයකි.ප්‍රංශයට කිලෝමීටර දහස් ගණනක් ඇතින් පැසිෆික් සාගරයේ පිහිටා ඇති මෙය ඔස්ට්‍රේලියාවට ද නැගෙනහිරින් පිහිටා ඇත.නුමියා එහි ප්‍රධාන නගරයයි.273 000 ක ජනගහනයක් ද මෙම දූපත් සමූහය තුළ ජීවත් වේ.ඩොලර් 38921 ක් වූ ඒක පුද්ගල ආදායමක් සහිත මෙම දූපත් සමූහය දකුණු පැසිෆික් කලාපයේ විශාලතම ආර්ථිකයන්ගෙන් එකකි.එමෙන්ම ලොව නිකල් සම්පත් ප්‍රමාණයෙන් 10% ක්ම නව කැලඩෝනියාව සතුවේ.
නව කැලඩෝනියාව තුළ මේ වන විටත් ස්වාධීනත්වයක් පවතින අතර ආරක්ෂක හා අධ්‍යාපන අංශ සම්බන්ධව ප්‍රංශයේ දැඩි මැදිහත්වීමක් පවතී. ප්‍රංශයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කිරීමට අදාලව ප්‍රථම ජනමත විචාරණය 2018 නොවැම්බර් මස 4 වන දින පැවැත්විය .එහි දී ප්‍රංශයෙන් ස්වාධීන වීමට 57%ක පිරිසක් විරුද්ධත්වය ප්‍රකාශ කළහ.අද දින පැවැත්වෙන්නේ දෙවන ජනමත විචාරණයයි.මෙවර ද ස්වාධීන බව ප්‍රතික්ෂේප වුවහොත් තුන්වන ජනමත විචාරණය 2022 වසරේ පැවැත්වීමේ අවකාශය ඇත.ස්වාධීනත්වය සදහා නුමියා ගිවිසුම යටතේ ජනමත විචාරණ තුනකට අවසර ලබා දී තිබීම ඊට හේතුවයි.
180 000කට වැඩි පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටින අතර මැතිවරණ නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පැසිෆික් කලාපයේ දූපත් සංසදයේ නීරීක්ෂණයන් සහභාගි වේ.
නව කැලඩෝනියාවේ අපනයනයෙන් සැලකිය යුතු කොටසක් චීනයට යොමු වන අතර එයින් වැඩි ප්‍රමාණයක් “නිකොල් ” ය.එහෙයින් නව කැලඩෝනියාව ස්වාධීනත්වය ලැබුවහොත් චීනයේ බලපෑම වැඩි වේ.එසේම ප්‍රංශයට වටින ආර්ථික භූමියක් අහිමි වේ.එසේම මෙහි දී ස්වාධීනත්වය ජයග්‍රහණය කළහොත් ප්‍රංශය විසින් නව කැලඩෝනියාවට ලබා දෙන ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ද නොලැබෙන අතර එය නව කැලඩෝනියාවේ ආර්ථිකයට විශාල බලපෑමක් බව ලෝක විචාරකයන් පෙන්වා දෙයි.
-ධීරේ-
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය