නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය

“නව කොරොනා (COVID-19) වසංගතය වැළැක්වීම හා පාලනය මෙන්ම වෛරස් සම්භවය සොයා ගැනීම පිළිබඳ චීනයේ ක්‍රියාමාර්ග සහ ස්ථාවරය” නමැති ධවල පත්‍රිකාව අද(30) චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය විසින් නිකුත් කරන ලදි.

එම ධවල පත්‍රිකාවට අනුව, ඇමරිකාව සිය වසංගත විරෝධී පියවරයන්හි අකාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු නොකර, සෙසු රටවලට චෝදනා එල්ල කරමින් අවධානය වෙනතකට යොමු කිරීම සහ වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම දේශපාලනීකරණය කිරීම සිදු කර ඇත. ඇමරිකාවේ ක්‍රියාව, ගෝලීය වසංගතයට එක්සත් ව ප්‍රතිචාර දැක්වීමේ ජාත්‍යන්තර උත්සාහයන් බරපතල ලෙස අඩපණ කර ඇත. ඇමරිකාවේදී නව කොරොනා වසංගතය පැතිරීමේ ආරම්භය, එරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කාලයටත්, චීනයේ වසංගතය පැතිරීම ආරම්භ වූ කාලයටත් පෙර සිදු වූ බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. නව කොරොනා වෛරසයේ ආරම්භය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ඇමරිකාව තුළ පැවැත්විය යුතුය. එරට කඩිනමින් ජාත්‍යන්තර ප්‍රජාවේ නීත්‍යනුකූල අවධානය වෙත ප්‍රතිචාර දක්වමින් ගෝලීය ජනතාවට වගකිවයුතු පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බව එම ධවල පත්‍රිකාව ප්‍රකාශ කර ඇත.

නව කොරොනා වසංගතය ව්‍යාප්ත වීමේ සිට, වෛරසයේ මූලාරම්භය පිළිබඳ සිය විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර සගයන් සිදු කළ පර්යේෂණයට සහාය වීම සඳහා චීනය විශාල ආයෝජනයක් සිදු කර ඇත. එමෙන්ම විවෘත හා විනිවිදබවින් යුතු ආකල්පයකින් සහ විද්‍යාත්මක හා වෘත්තීය ජීවගුණයකින් සිය ජාත්‍යන්තර වගකීම් සැමවිටම ඉටු කර ඇත. සායනික වසංගත රෝග විද්‍යාව, පාරිසරික වසංගත රෝග විද්‍යාව සහ සත්ත්ව වෛරස් ව්‍යාප්තිය ආදී ප්‍රධාන ක්ෂේත්‍රවල වෛරස් සම්භවය පිළිබඳ සොයාගැනීමේ කටයුතුවලදී චීනය පෙරමුණ ගෙන ඇත. වෛරසයේ මූලාරම්භය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) ඒකාබද්ධ සොයාගැනීමේ පර්යේෂණයටත් ඉහළ වගකීමකින් සහ විනිවිදභාවයකින් යුතුව පූර්ණ සහයෝගය ලබා දී ඇත.

මේ අතර “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලද SARS-CoV-2 හි ගෝලීය සම්භවය සොයා ගැනීමේ පර්යේෂණය: චීන කොටස – WHO-චීන ඒකාබද්ධ පර්යේෂණ වාර්තාව” වැනි අධ්‍යයනයන්, ක්‍රමානුකූල පර්යේෂණ හරහා ‘Wuhan’, නව කොරොනා වෛරසයේ ස්වභාවික සම්භවය බවට ඇති හැකියාව බැහැර කර ඇත. එමෙන්ම ” Wuhan හි රසායනාගාරයකින් වෛරසය කාන්දු වීම”  කිසිසේත්ම සිදු විය නොහැකි බව ද පෙන්වා දී ඇතැයි ධවල පත්‍රිකාවේ සඳහන් වේ. එම වාර්තාව, ගෝලීය විද්‍යාත්මක ප්‍රජාව සඳහා වැදගත් සත්‍ය සාක්ෂි දත්ත සහ පර්යේෂණ ආදර්ශයන් සපයා ඇතැයි ද ධවල පත්‍රිකාව පවසයි.

ජාත්‍යන්තර වසංගත විරෝධී සහයෝගීතාවයට පුළුල්ව එක් වූ චීනය, නව කොරොනා වසංගතයේ තොරතුරු සහ වෛරස් ජාන අනුපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග පළමු අවස්ථාවේම හුවමාරු කර ගෙන ඇත. නව කොරොනා වෛරස් සම්භවය සොයා ගැනීමේ සහයෝගීතාවය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම්වලට චීනයට බොහෝ වරක් ආරාධනා කෙරිණ. වසංගත පාලන සහ ප්‍රතිකාර අත්දැකීම්  නොපිරිහෙලා ලෝකය සමග බෙදා ගත් චීනය, ජාත්‍යන්තර ප්‍රජාවට තම උපරිම හැකියාවෙන් විශාල ද්‍රව්‍යමය ආධාර සහ තාක්ෂණික සහාය ද ලබා දුන්නේය. එපමණක් නොව වසංගතයට එරෙහි ගෝලීය සටනට චීනය උපරිම දායකත්වයක් ලබා දී ඇති බව ද ධවල පත්‍රිකාවේ සඳහන් වේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com