රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප්‍රබල ගැටලූවක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ, ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවයි.
නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වුණා.
පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්