විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය අද (09) හිමිවිය.
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී උසස් නිලතල පිළිබද කාරක සභාව අද පස්වරුවේ රැස්විය.
මෙහිදී අහමඩ්.ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද එම් .කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය මෙහිදී හිමිවිය.
තවද එස්.ඩී.කේ සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද සී.ඒ චාමින්ද .අයි කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්වරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය ද මෙහිද හිමිවිය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි