Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) අද(24) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා.
මෙම යන්ත්‍රය නිර්මාණය කළ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යෙයෙක් වන ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින් මෙම යන්ත්‍රය අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට යොමු කරන ලදි.
මෙම MCPR යන්ත්‍රය සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පේටනට් බලපත්‍රය ලබා ගෙන තිබෙනවා.
මෙවැනි යන්ත්‍රයක් විදේශයන්ගෙන් ආනයනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 48 ක් පමණ වැය වන බවත්, මෙරට දී මෙම දේශීය යන්ත්‍රය රුපියල් ලක්ෂ 2.5 කට නිර්මාණය කළ හැකි බව පවසන ඩිල්ශාන් අබේවර්ධන මහතා, මෙවැනි නිරවද්‍යතාවක් සහිත වාණිජකරණ මට්ටමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ලබාදුන් දිරිගැනවීම සහ පන්නරය තමාට වැදගත් පිටුවහලක් වූ බව ද පැවසීය.
මෙම යන්ත්‍රය නිර්මාණය කිරීම පිළිබඳව ප්‍රසංශාව සහ සුබ පැතුම් එක් කළ අමාත්‍යවරිය වත්මන් රජය යටතේ ඉදිරියේ දී මෙවැනි නිර්මාණයන් සඳහා අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම නොඅඩුව ලබා දෙන බව ප්‍රකාශ කළා ය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්