ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර්. ප්‍රතාපන් ප්‍රකාශ කළේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන්, “ගැබිනියකට කොවිඩ් -19 හැදුණම එන ප්රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. X-ray එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. දැන් ඒවත් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක හැදුනහම ඉක්මනින් අමාරුවෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ගැබිනියක් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ.”
- Helakuru
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්