2022 වසරේ මීළඟ පාසල් වාරය අද (07) ආරම්භ වනවා. නව පාසල් වාරය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සිසුන් 20ක් දක්වා සිටින පන්තිවල සියලු සිසුන් සෑම දිනකම පාසල් වෙත කැඳවිය යුතු බවයි එහි දැක්වෙන්නේ. සිසුන් 20 සිට 40 දක්වා අධ්‍යාපනය ලබන පංතිවල සිසුන් කාණ්ඩ දෙකකට වෙන්කර සතියක් හැර සතියක් අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව අදාළ චක්‍රලේඛනයේ දැක්වෙනවා.
පන්තියක ඉගැනුම ලබන සිසුන් සංඛ්‍යාව 40 ට වැඩි නම්, කොටස් 03කට වෙන්කර අධ්‍යයන කටයුතු සිදු කළ යුතු වනවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට