පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නොපමාව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද හමුවූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර 2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 7000ක් වෙන්කර තිබුණ ද එම වියදම රුපියක් මිලියන 4566ක් දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇති බවද කොමිසම දැනුම් දී තිබෙනවා.
එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය පාලනය පිණිස වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා පනවා තිබූ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 2020 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේදී ඡන්ද හිමි නාම ලේඛනයේ ඉවත් කිරීමට යෝජිත නම් ඇතුළත් “අ ” දරන ආකෘතියේ හා අලුතින් ඇතුලත් කිරීමට යෝජිත නම් ඇතුලත් “ආ” දරන ආකෘතියේ ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම 2020 දෙසැම්බර් 23 දිනට නියමිතව තිබුණද එම දිනය ජනවාරි 05 දක්වා දීර්ඝ කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්