නව යුගයේ පොදු අනාගතයක් සමගින් වඩාත් සමීප චීන-පාකිස්ථාන ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා පාකිස්ථානය සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරයි. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ(14) මේ බව කියාසිටියේ පාකිස්ථාන අගමැති Shehbaz Sharif හමුවෙමිනි.
චීනය සහ පාකිස්ථානය සෑම අවස්ථාවකම උපායමාර්ගික හවුල්කරුවන් ලෙස එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් සහ විශ්වාසයෙන් කටයුතු කර ඇති බව එහිදී Li Qiang මහතා සඳහන් කළේ ය. චීන-පාකිස්ථාන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට පසුගිය ජුනි මස දෙරට නායකයින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නංවමින්, අඛණ්ඩ උපායමාර්ගික සම්බන්ධීකරණය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර නවීකරණයේ සහ ජාතික පුනර්ජීවනයේ මාවතේ එක්ව ගමන් කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. පාකිස්ථාන අනන්‍යතාවට උචිත සංවර්ධන මාර්ගයක් සඳහා සහාය ලබා දෙන අතර චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමටත්, ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් සහතික කර දෙරට ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභ හිමි කර දීමටත් කටයුතු කරන බව ද Li Qiang මහතා අවධාරණය කර තිබේ.
මේ අතර යහපත් ව්‍යාපාරික පරිසරයක කටයුතු කිරීමට චීන සමාගම් සඳහා අවස්ථාව ලබා දෙමින් එරට සිටින චීන ජාතිකයන් මෙන්ම ආයතන සහ ව්‍යාපෘතිවල ආරක්ෂාව උපරිම ලෙස සහතික කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කර ඇත. එමෙන්ම චීනය පාකිස්ථානයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලියට උපරිම සහාය ලබා දෙන බව ද Li Qiang මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි