නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු අද(18) සිදු කෙරිණ.  ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ය.

නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියයි. මීට අමතරව මහජන ආරක්ෂක,  සෞඛ්‍ය,  ජනමාධ්‍ය,  කෘෂිකර්ම,  බලශක්ති ඇතුළු අමාත්‍යංශ 21ක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදු විය.

අග්‍රාමාත්‍ය ධුරයට අමතරව අධ්‍යාපන,  උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ ද ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්නා ය. විදේශ කටයුතු,  විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ විජිත හේරත් මහතායි.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

02. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

06. කේ.ඩී. ලාල්කාන්ත –  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

08. රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

09. මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය

10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය

20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය

21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

WP Twitter Auto Publish Powered By : XYZScripts.com