2025 වසර සඳහා වන අයවැය අද (17) පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසිවලට බලපෑමක් ඇති නොවන අයුරින් උපරිම ජනතා සහන සැලසෙන පරිදී මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන බවයි දේශපාලන වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය වසරේ අයවැය ලේඛණයක් ඉදිරිපත් නොවුණ පසුබිමක් තුළ මෙම අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.
මෙම විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදය හෙට ( 18) වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
රට ගොඩනගන අතරේ රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ථ ජනතාවටම උපරිම සහන සැලසීම අද (17) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් සිදුවන බවට වාර්තා පළවනවා.
පසුගිය ජනවාරි 09 වනදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට (18) වනදා සිට දින 07ක කාලයක් පැවැත්වෙනවා.
අනතුරුව පෙබරවාරි 25 වනදා පස්වරු 6.00ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 වනදා සිට මාර්තු 21 වනදා දක්වා සෙනසුරාදා දින ද ඇතුළත්ව දින 19ක් පුරා පැවැත්වෙනවා.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු විසි එක් වනදා පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුව සඳහන් කරනවා.
අයවැය කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පහක් සදහා වෙන්කර තිබෙනවා.
පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කාලසීමාව තුළදී අයවැය විවාදය පැවැත්වෙන්නේ.
ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 හා මාර්තු 21 යන දින හැර අනෙකුත් සෑම දිනකම පස්වරු 6.00සිට 6.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන යෝජනා සඳහායි.
අවසන් වරට අයවැයක් ඉදිරිපත් කෙරුණේ 2023 වසරේ නොවැම්බර් 13 වන දායි.
එතැන් සිට උද්ගතවූ තත්ත්වය හමුවේ අයවැය ලේඛණයක් ඉදිරිපත් වූයේ නැති අතර පරිපූරක ඇස්තමේන්තු හරහා රජයේ වියදම් සඳහා මුදල් වෙන්කර ගැණුනා.
ඒ අනුව මෙම වසරේ ජාතික සංවර්ධනයට අත්වැලක් සපයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) දිනයේ අයවැය ඉදිරිපත් කරනවා.
පසුගිය කාලයේ බංකොළොත් වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත්තේ අර්බුදයෙන් ගොඩඒම සඳහායි.
එහිදී එම අරමුදල මගින් විවිධ කොන්දේසි ඉදිරිපත් කළ අතර ජනතාව එයින් දැඩි පීඩනයකට ලක්වුණා.
මෙවන් පරිසරයක් තුළ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එරෙහි නොවී ජනතාවගේ ප්‍රධාන ගැටලුවලට විසදුම් ලැබෙන ආකාරයට මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන බවයි දේශපාලන වාර්තා පෙන්වා දෙන්නේ.
එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවන්ට අනුව මෙම වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක් දක්වා රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතු වනවා.
ඊට පිටුබලයක් වන ආකාරයට අයවැය යෝජනා ඇතුළත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම කරුණ සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය හරහා රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගන්නා යෝජනා ඇතුළත් බව වාර්තා වනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට