නව රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර එම රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පවරා තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය ලබාදී ඇත්තේ රෝහන දිසානායක මහතාටයි.
ආරුන්දික ප්‍රනාන්දු මහතා වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලොහාන් රත්වත්ත මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ඉන්දික අනුරුද්ධ මහතා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ තාරක බාලසූරිය මහතායි.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සනත් නිශාන්ත මහතාටත්, මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය සිරිපාල ගම්ලත් මහතාටත්, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය අනුරාධ ජයරත්න මහතාටත්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රසන්න රණවීර මහතාටත් භාරදී තිබෙනවා.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ සිසිර ජයකොඩි මහතායි.
සංචාරක හා ධීවර රාජ්‍ය අමාත්‍යාංශ ඩී.වී. චානක මහතා යටතට පත්කර තිබෙනවා.
ඩී.බී. හේරත් මහතා පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබූවේ.
ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පවරාදී තිබෙනවා.
අරවින්ද් කුමර් මහතා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.
සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍යාංශය භාරදී ඇත්තේ ගීතා කුමාරසිංහ මහත්මියටයි.
සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගුණපාල රත්නසේකර මහතා පත්කර තිබෙනවා.
කපිල නුවන් අතුකෝරල මහතා දිවුරුම් දෙනු ලැබූවේ සුඵ අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූවා.
අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත්තේ සුරේන්ද්‍ර රාගවන් මහතායි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්