නව වසරේ පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
එම යෝජනාව ජනවාරි මස අවසානයේ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සඳහා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන 2023 දක්වා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවසරය ලැබී තිබෙන අතර උප නායක, ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක, භාණ්ඩාගාරික යන තනතුරුවල දැනට සිටින නිලධාරින් ම තවදුරටත් නම් කිරීමටද නියමිතයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්