නව වසර උදාවීමත් සමග ඊයේ (31) දින රාති‍්‍රයේ සිට අද (1) පෙරවරුව දක්වා විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයන් 111 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
රෝහල් ගත කළ 111 ක පිරිසෙන් 56 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
ගිනිකෙළි අනතුරු වලින් 03 දෙනෙකු, (පසුගිය වසරේ 19 ක්), මාර්ග අනතුරු වලින් 24 දෙනෙකු, නිවසේ අනතුරු වලින් 11 දෙනෙකු, සේවස්ථාන අනතුරුවලින් 9 දෙනෙකු, පහරදීම් ඇතුලූ හිංසන කි‍්‍රයාවලින් 21 දෙනෙකු, ඉහළින් වැටීමෙන් සහ ලිස්ස වැටීමෙන් 33 දෙනෙකු, වෙනත් අනතුරු වලින් 10 දෙනකු වශයෙන් මෙම පිරිස රෝහලට ඇතුළත් කර තිබෙනවා.
2020 වසර හා සැසදීමේ දී මෙවර අනතුරුවල 50% ක අඩුවක් දක්නට ලැබෙන බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.නව වසර සැමරූ 111ක් හදිසි අනතුරු වලින් රෝහලේ
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්