ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ න්‍යෂ්ටික අපජල කාන්දුව පිළිබඳව ජපානය පැහැදිලි කිරීමක් කළ යුතු බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා ඊයේ (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ න්‍යෂ්ටික අපජල කාන්දුව පිළිබඳව ජපානය වගකීම් සහගතව හා විනිවිදභාවයෙන් යුතුව පැහැදිලි කිරීමක් කළ යුතු බවයි. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ මෙවන් අනතුරක් වීමට හේතු වී ඇත්තේ ටෝකියෝ විදුලිබල සමාගමේ පරිපාලනමය දෝෂය බව වං වෙන් බින් මහතා එහිදී පෙන්වා දුන්නේ ය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම වසර 30ක් පුරා ක්‍රියාත්මක කෙරේ. එම කාලසීමාව තුළ එම න්‍යෂ්ටික අපජලය ප්‍රතිමියෙන් යුතුව හා ආරක්ෂිත ලෙස මුහුදට මුදා හැරීම වෙනුවෙන් ජපාන රජයට පූර්ණ වගකීමක් දැරිය හැකි ද යන්න පිළිබඳව සැක මතු වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ