මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අතර සබඳතා පැවති බව කියන සිද්ධියේ 14 වන සැකකරු වන උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිර් මහතා අද නියෝග කලා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද දිනයේදී අධිකරණයේදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඇති බවයි.
ඒ අනුවයි මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තුවක් නිකුත් කිරීමට අධිකරණය නියම කලේ.
නඩුවේ අනෙකුත් සැකකරුවන් 16 දෙනාම ලබන 02 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
16 වන සහ 17 වන සැකකරුවන් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිර් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කලේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව