මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රැකවරණය ලබාදීම ඇතුලු චෝදනා රැසක් යටතේ අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් දොලොස් දෙනෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම අදාළ චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර යන අයගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට ද අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක නාර්යංශයේ නිලධාරීන් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට ලබාදී ඇත්දැයි සැකහැර දැනගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගබඩා කර ඇති මත්ද්‍රව්‍ය සහ ඒවායේ ප්‍රමාණයන් ගණනය කිරීම මගින් එම හදුනා ගැනීම් සිදුකිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්