මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ හා මත්ද්‍රවය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන 22 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරුවන් අද (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
නීතිපතිවරයා වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.
ඔහු අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවේ 14 වන සැකකරු ලෙස නම්කර සිටින උදාර සම්පත් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට විදෙස්ගතව සිටින බවයි.
එම තැනැත්තා විසින් ජංගම දුරකථන සිම් කාඞ්පත් 55 ක් පමණ මිළදීගෙන විවිධ පුද්ගලයන්ට ලබාදී මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයක් නිර්මාණය කර ඇති බවද දිලීප පීරිස් මහතා අනාවරණය කර තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව