නාමල්ට ලැබුණු අලුත් අමාත්‍යංශයේ විෂය පථය ගැසට් කෙරේ
අමාත්‍ය නාමල් රාජපක්ෂට ඊයේ ලබාදුන් නව අමාත්‍යාංශය වන සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථය හා ආයතනික හා නෛතික රාමුව දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ අමාත්‍යාංශය යටතට පත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
එහි විෂය පථයට සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන තුළ නව අවස්ථා නිර්මාණය කරමින් ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත සියළු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණ හා ව්‍යාපෘති අධීක්ෂණය කිරීම ද ඇතුළත්.
එසේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන්වලට අනුකූලව සංවර්ධිත රටක් බිහි කිරීම සදහා අවශ්‍ය නීති හා අණ පනත්වලට අනුකූලව ඊට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම සංවර්ධන, සම්බන්ධීකරණ හා අධීක්ෂණය අමාත්‍යාංශයේ කාර්යයන් වනවා.
ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී ජනතාව විසින් ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ අනෙකුත් සියළුම ආයතන ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියළු නිලධාරීන් මෙහෙයවීම ඇතුළු තවත් කරුණු කිහිපයක් එම අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවලට අයත් බවයි නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
අමාත්‍යාංශයේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය…





More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට