පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ අදාළ පැමිණිල්ල කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
රග්බි ක‍්‍රීඩාවේ ප‍්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක‍්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් යටතේ පසුගිය යහපාලන රජය සමයේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.
නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය වෙත පැමිණ සිටි බව සඳහන්.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.
ඒ අනුව මෙම නඩුව යළි සැප්තැම්බර් මස 21 වනදා කැඳවීමට ද අධිකරණය නියෝග කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට