ජුලි 13 වැනිදා ආරම්භ වන සමාරම්භක ACC පිරිමි නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ විසින් මෙහෙයවනු ලබයි. ජාතික තේරීම් කමිටුව දැනටමත් මෙම සංචිතය නම් කර ඇති නමුත් එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට ලක්විය යුතුව ඇත.
ශාන්ත ජෝශප් විදුහලේ හිටපු නායක වෙල්ලාලගේ මෙන්ම 19න් පහළ ජාතික පිලේ සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංක සිම්බාබ්වේ සංචාරයට නම්කර සිටියා.
එහිදි සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංකට අවස්ථාව හිමිවූ නමුත් අවස්ථාවක් නොලැබුණු එකම ක්‍රීඩකයා වෙල්ලාලගේය. පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ සහ වේග පන්දු යවන මතීෂ පතිරණ ජාතික කණ්ඩායම අතර සිටි අතර ඔවුන් අද සිය මව්බිමට පැමිණ ‘ඒ’ කණ්ඩායමට එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල බංගලාදේශ ‘ඒ’ පිල සමග 13 වැනිදා එස්.එස්.සී පිටියේදී ආරම්භක තරගයේදී මුණගැසෙන අතර කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකකට බෙදී මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම (ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව): දුනිත් වෙල්ලාලගේ (නායක), ලසිත් කෲස්පුල්ලේ, අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක (Wk), ලහිරු උදාර, ජනිත් ලියනගේ, පසිඳු සූරියබණ්ඩාර, සහන් ආරච්චිගේ, අශේන් බණ්ඩාර, දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්