තවදුරටත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආශ්‍රිතව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට අදියර 2 යටතේ නාය යෑම් පිළිබඳ අනතුර අඟවා තිබෙනවා.
අදියර 1 යටතේ එම නිවේදනය බලාත්මක වන්නේ කළුතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටයි.
කන්කසන්තුරය සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 55 ත් 60 ත් පමණ දක්වා වැඩි විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙයසි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුන නිවේදනය කළේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්