2030 වර්ෂයේදී වෙරළාශ්‍රිතව පිහිටි නගරවලට අතිශය දරුණු ගංවතුර ආපදාවකට මුහුණදීමට සිදුවිය හැකි බව නාසා ආයතනය අනාවැකි පළකර තිබේ.
මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ අමෙරිකානු වෙරළාශ්‍රිත කලාපය කේන්ද්‍රගත කරමින් වුවත් එහි ප්‍රතිඵල සමස්ත ලෝකයටම අදාළ බව නාසා ආයතනය පවසයි.
ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයෙක් ලෙස එම තත්ත්වය හටගන්නා බව එහිදී පෙන්වා දී ඇත.
නාසා ආයතනය සිදුකළ නවතම අධ්‍යයනයකින් ඒ බව පෙනීගොස් තිබේ.
ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සාමාන්‍ය චන්ද්‍ර චක්රවල බලපෑම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවද නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මින් පෙර එවැනි ව්‍යසනයකට ලොව මුහුණ දෙනු ඇති බවට අනාවැකි පළකර තිබුණේ තවත් අවුරුදු 70කින් පමණ පසුවය.
ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමග දීර්ඝ කාලීනව සාගර මට්ටම ඉහළ යමින් තිබේ.
සාගර මට්ටම ඉහළ යෑමට බලපාන තවත් සාධක කිහිපයක් අතරින් එකක් කෙරෙහි මෙම අධ්‍යයනයේදී වැඩි අවධානයක් යොමුකර තිබුණි.
ඒ, විද්‍යාඥයන් “නෝඩල් චක්‍රය” යනුවෙන් හඳුන්වන චන්ද්‍රයා සහ පෘථිවිය අතර පවතින සබඳතාවයි.
එම බලපෑම සහ මුහුදු මට්ටමේ ඉහළයෑමට අතර සබඳතාවක් විද්‍යාඥයන් හඳුනාගෙන ඇති අතර එය 2030- 2040 අතර කාලයේ ගංවතුර ආපදාව ඉහළයෑමට හේතුවනු ඇති බව වැඩිදුරටත් පවසයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි