දකුණු අප්‍රිකාවේ සිට කොළඹ වරායට පැමිණ නැවත සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ලයිබීරියාවේ ලියාපදිංචි එම්.එස්.සී. හසීනා නැමැති මෙම නෞකාව කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් පමණ දුරින්ගිනිගෙන ඇති බවත් මෙම නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


(ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ ට්විටර් ගිණුමේ පළවූ ඡායාරූප)
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට