කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදානය කිරීම හෝ භූමදානය කිරීම පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා. මෙම ගැටලුවේදී දේශපාලන න්‍යාපත්‍ර පසෙක තබා විද්‍යාත්මකව තීන්දු තීරණය ගතයුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
මෙය බරපතල ප්‍රශ්නයක් බවට පත් කළේද ආණ්ඩුව විසින්ම බවයි ඔහු පවසන්නේ. මළසිරුරු ආදානය කිරීම මෙන්ම භූමදානය කිරීමද අනුමත කරමින් මුලින් ආණ්ඩුව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව පෙන්වා දෙන ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසන්නේ ආණ්ඩුව නැවතත් එම තීරණය වෙනස් කරමින් ආදාහනය අනිවාර්ය කරන ගැසට් පත්‍රයක් නිකුත් කළ බවයි.
ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් භූමදානය කිරීම අනුමත කර තිබියදී ශ්‍රී ලංකා රජය පමණක් ආදාහනය අනිවාර්ය කිරීම බරපතල ගැටලුවක් බවත්, දෙන් විදෙස් විශේෂඥයන්, වෛරසවේදීන් පවා භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව තහවුරු කර තිබියදී මියගිය තම ඥාතියාගේ අවසන් කටයුතු සිදුවන ආකාරය තීරණය කිරීමට රටේ ජනතාවට අවස්ථාව අහිමි වීම බරපතල ඛේදවාචකයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ආණ්ඩුව මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම දේශපාලන ගැටලුවක් බවට පත්කර ඇති බවයි ඔහු චෝදනා කරමින් කියා සිටින්නේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්