දකුණු කොරියාව තුළ නව කොරෝනා ආසාදිතයින් 950ක් ඊයේ දින වාර්තා වීමත් සමඟ හදිසි තත්වයක් නැවතත් රට තුළ උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රට “හදිසි තත්වයකට” මුහුණ දී සිටින බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් පරීක්ෂණ සහ ප්‍රතිකාර ශක්තිමත් කිරීමට උපදෙස් දුන් බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් පවසා තිබෙනවා.
නව ආසාදිතයින් වාර්තා වී ඇත්තේ අගනුවර සෝල් සහ ඒ අවට ප්‍රදේශවලින් බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා වන්නේ.
මෙම සතිය මුලදී, දකුණු කොරියාව තුන්වන සිද්ධි රැල්ල මධ්‍යයේ සිය අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නැංවීය.
අඟහරුවාදා සිට බලාත්මක වූ නව ක්‍රියාමාර්ගවලට පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කර තිබෙන අතර ජිම් සහ කැරෝකී බාර් වසා දමා ඇති අතර අවන්හල් සඳහා දේශීය වේලාවෙන් 21:00 න් පසුව පමණක් බෙදා හැරීමට අවසර ලබා දී තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි