දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳනාගෙන තිබේ.
අදාළ ප්‍රභේදය සහිත ආසාදිතයින් බ්‍රිතාන්‍යයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
එසෙක්ස් සහ නොටින්හැම් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම නව කොවිඩ් ප්‍රභේදය රටතුළට ඇතුල් වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමට එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ලබන සතියේ සිට පොදු ප්‍රවාහනයේදී සහ වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථාන තුළදී මුව ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති අතර බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමට තීරණය කර තිබේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්