කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් උළෙලට 4 වන දා සහභාගී වූ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 35 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
අම්පාර, පහළලන්ද සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටින සෙබළුන් 76 දෙනෙකු PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 35 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ අනුව ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන්ගේ PCR වාර්තා අද (8) පස්වරුවේ හෝ හෙට නිකුත් වීමට නියමිත බව ද ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.
ඔවුන් නිවෙස්වලට යාමට පෙර PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලට යොමු කළ අතර එම අවස්ථාවේදී ඔවුන් ආසාදිතයන් බව තහවුරු වූ බවයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බළකා උසස් පුහුණු පාසලේ නිරෝධායනය වෙමින් සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 7 දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඔවුන් ද නිදහස් දින උළෙල සඳහා සහභාගී වූ සෙබළුන් බව පිරිසක් වනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්