කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන මෙවර ජාතික නිදහස් දින සැමරුම නැරඹීමට මහජනතාවට අවසර හිමි නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.
අද කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර නිවසේ සිට නිදහස් දින සැමරුම නැරඹීමට කටයුතු කරන ලෙසයි.
පෙබරවාරි 04 වනදාට යෙදෙන 73 වන ජාතික නිදහස් දින සැමරුමට අදාල ආචාර පෙළපාලියට සහභාගී වන සියලු භට පිරිස් පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කරන බව ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කලා.
මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බවයි කමල් ගුණරත්න මහතා එහිදී තව දුරටත් පැවසුවේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ