ආණ්ඩුවෙන් සිදුවන බව කියන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත .
ඒ අනුව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතර තීරණාත්මක හමුවක් ලබන 21 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් නොසලකා හැරීම,රජයේ කටයුතු සඳහා ආසන සංවිධායකවරුන් සම්බන්ධ කර නොගැනීම ආදි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කළේය .
මේ අතර, ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ද දැඩි විවේචනයට පසුගියදා ලක්විය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර, ආණ්ඩුවෙන් සිදුවන මදි පුංචිකම් සම්බන්ධයෙන් එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ
මේ තත්ත්වය තුළ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද එහිදී පිරිසක් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ .
එහෙත් එවැනි තීරණයක් මේ මොහොතේ ගත යුතු නැතැයි මධ්‍යම කාරක සභාවේ තවත් පිරිසක් එහිදී අදහස් ප්‍රකාශ කර ඇත.
මේ තත්ත්වය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ශ්රීලනිපය තීරණය කර ඇති අතර ඒ සඳහා ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් දැනටමත් ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්