චීනයේ සින්ජියෑංහි මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසමේ නියොජිතයින් සිව් දෙනෙකුට චීනයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා
චීනයේ බීජීං නුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සාවෝ ලිජියැං කියා සිටියේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසමේ සභාපති, උප සභාපති සහ කොමසාරිස්වරුන් දෙදෙනෙකුට චීනය, හොංකොං සහ මැකාවු යන භූමි ප්‍රදේශයන්ට ඇතුලු වීම සම්පූර්ණයෙන් ම තහනම් වන බවයි
චීන රජය ඔවුන්ගේ වත්කම් ද අත්හිටුවීමට තීරණය කර ඇති අතර එරට ආයතන සහ පුරවැසියන්ට ඔවුන් සමඟ ගනුදෙනු කිරීම ද මුළුමනින් ම තහනම් කර ඇති බව සදහන්
More Stories
චීන යුරෝපා වෙළඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි