නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියේ මෙලෙස මිය ගොස් ඇත්තේ නිරෝධායනයට ලක්කර තිබූ නිවසක 80 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
කෙසේ වෙතත් ඔහු මරණයට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.
එය සැක හැර අනාවරණ කරගැනීම සඳහා ඔහුගේ දේහයෙන් ලබාගත් සාම්පල පී සී ආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්