නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.
මෙසේ මිය ගොස් ඇත්තේ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) එක්දරු පියෙක්.
ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් භාරයේ නිලධාරියෙකු වශයෙන් කරමින් සිටියදි කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වි දිවයිනට පැමිණිමේ අපේක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැදි සිට තිබෙනවා.
දිවයිනට පැමිණිමට ගුවන් පහසුකම් නොමැති නිසා ඉකුත් (1) දින දිවයිනට පැමිණ ඇති සුබ්‍රමණියම් ආනන්දකුමාර් නුවරඑලිය පිහිටි තරු පහේ සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර තිබෙනවා.
සුබ්‍රමණියම් ආනන්දකුමාර් මහතා හෘද්‍යාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් , ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබිජ ඇතුල් විම නිසා සුබ්‍රමණියම් ආනන්දකුමාර් මහතා (02) දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදි ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
මියගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර් මහතාගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් (07) දින නුවරඑලිය නාගරික ආදහනාගාරයේදි කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් අද (07) දින සිදු කෙරුණා.
Source Colombo Gazzet
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්