ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ, දුරස්ථභාවය තබා නොගත් හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 108දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 3755ක් බවයි.
ඉන් වැඩි පිරිසක් කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම පිරිසෙන් 3600කට පමණ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම මෙහෙයුම අද (27) පැය 24 පුරාවට ක්‍රියාත්මක බවත්, සියලු දෙනාම සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණය කරගන්නා ලෙසත්, නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.
- aruna news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්