නිරෝධායන රීති උල්ලංඝණය වන අයුරින් මගින් ප්‍රවාහනය කරන බස් රථ වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් දැනුවත් කර තිබෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් කළ දැනුම්දීමකට අනුව විශේෂ චක්‍රලේඛයක් මගින් පොලිස්පතිවරයා අද දිනයේ දී දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත මේ පිළිබඳව දැනුවත් කිරීම සිදු කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට නිරෝධායන රීතීන් උල්ලංඝණය වන ලෙස මගීන් ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි