නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 94 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
තවද පසුගිය පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ද සමග මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 53,030ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 13කදී ඊයේ දිනය තුළ පුද්ගලයන් 8,849 දෙනෙකු පොලිස් පරීක්ෂාවට ලක්කර තිබේ.
මේ අතර පුද්ගලයන් 139 දෙනෙකු පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි බව හඳුනාගෙන ඇති අතර ඔවුන්ට අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට