පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඊයේ (02) විවාහ මංගල උත්සවයක පවත්වා තිබේ.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා සඳහන් කළේ සිද්ධිය අනාවරණයවීමෙන් පසු මනාල යුවල ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවය.
මනාල මහතා විදේශ රැකියාවක නිරත වී දින 18කට පෙර මෙරටට පැමිණ නිරෝධායනය වී නිවස වෙත පැමිණ සිටි අයෙකි.
අදාළ මංගල උත්සවය සඳහා 200කට අධික පිරිසක් සහභාගී වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණීමත් සමග ඉන් පිරිසක් පළාගොස් තිබුණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය මනෝජ් මහතා පවසා සිටියේ නිවසක් තුළ විවාහ මංගල උත්සවය පවත්වා තිබූ බවය.
මෙම පිරිසට ආහාර සකසා ඇත්තේ යාබද නිවසක බවද අනාවරණය වී තිබේ.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම වෙට්ටාල ගම්මානයට ආසන්නයේ කෝවිඩ් මරණයක් පසුගියදා සිදුව ඇති අතර මේ වනවිටත් එම ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයින් නිරන්තරයෙන් වාර්තා වෙමින් ඇති බවය.
ඒ අනුව මෙම මංගල උත්සවයට සහභාගී වු අනෙක් පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පුත්තලම මුලස්ථාන පොලීසිය එක්ව විමර්ශන අරඹා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්