පොලිස් නිලධාරියෙකු මාතර මාගල්ගොඩ පොම්පාගාරය අසලදී කිඹුලෙකුගේ ගොදුරක් බවට පත් විය. ඒ, නිල්වලා ගගට වැටුණු ජංගම දුරකථනයක් ගැනීමට ඊයේ රාත්‍රී උත්සාහ කළ අවස්ථාවේදීයි.
මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි 54 හැවිරිදි අතුල වඩනම්බි මහතා සේවය කළේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ ය. 54 හැවිරිදි ඔහු දරුවන් හතර දෙනෙකුගේ පියෙකි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් අතුල වඩනම්බි මහතා නිවාඩු දමා නිවසට පැමිණි සිටි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව තිබේ.
ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ගම්වැසියන් එක්ව අතුල වඩනම්බි මහතා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. එහෙත් තවමත් ඔහු ගැන කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක