රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් මෙම වසර සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය සැප්තැම්බර් මස 9 වන දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙම තිළිණ පත්වල වලංගු කාලය මෙම මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක