බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක සුරතලේට ඇති කළ සුනඛයකු සොරකම් කරගෙන රුපියල් 7500ට උකස් කළ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමෙන් සොරකම් කරන ලද සුනඛයාද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (7 වැනිදා) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්