නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙක් නිරෝධායන කටයුතු සදහා යොමුකළ බව නාවික හමුදාව පවසනවා.
ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද(08) පස්වරුවේ හම්බන්තොට වරාය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියා.
මේ අතර නෞකාවේ හටගෙන ඇති ගින්න සැලකිය යුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව ගුවන් හමුදාව පවසයි.
නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ව හා ඉන්දීය වෙරළ අරක්ෂක දෙපාර්තමේන්තුව, මෙම මෙහෙයුමට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් හා එක්ව ගින්න සැලකිය යුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්