ඇමෙරිකානු ජාතික කාන්තාවක් දින තුනක පරතරයක් ඇතිව රූපයෙන් එක සමාන නිවුන් දැරිවියන් දෙදෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දැන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන කාර්මන් මාර්ටිනස් තම නිවුන් දරුවන්, ගේබි්‍රයෙල්ලා ග්‍රේස් හර්නැන්ඩස් මාර්තු 7 වෙනි දිනත් ඉසෙබෙලා රෝස් හර්නැන්ඩස් මාර්තු 10 දිනත් ටෙක්සාස් ප්‍රාන්තයේ ඇබිලීන් හි හෙන්ඩ්‍රික් සෞඛ්‍ය පහසුකම් මධ්‍යස්ථානයේදී ප්‍රසූත කර ඇත.
නිවුන් දරුවන් දින 3 ක පරතරයක් සහිතව ප්‍රසූත කිරීම ඉතාමත් දුර්ලභ සිදුවීමක් බව වෛද්‍යවරු පවසති.
මෙම නිවුන් දරුවන් දෙදෙනා අඩු මාසයෙන් උපත ලබා ඇති අතර ගේබි්‍රයෙල්ලා සති 24 දවස් හතරකින් ද ඉසෙබෙලා සති 25 කින් ද උපත ලබා ඇත.දරු ප්‍රසූතියට සතියකට පෙර, මාර්ටිනස් මහත්මිය ඉක්මන් ප්‍රසූතියේ සලකුණු පෙන්වීමට පටන් ගත් බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
එහිදී දෙවැනි දරු ප්‍රසූතිය දින කිහිපයකින් ප්‍රමාද කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇත. අඩු මාසයෙන් සිදු වූ දරු උපත් බැවින් දරු දෙදෙනාට ජීවත් වීමට වැඩි අවස්ථාවක් ලබා දීමට මෙසේ උපදෙස් ලබාදුන් බව වෛද්‍යවරු පවසති.
නිවුන් දරුවන් දෙදෙනාට වෙන වෙනම වැදෑමහ සහ ඇම්නියොටික් මල්ලක් තිබී ඇති අතර ගේබි්‍රයෙල්ලා ගේ වැදෑමහ පුපුරා යාම හේතුවෙන් නිවුන් දරු ප්‍රසූතිය අඩු මාසයෙන් සිදුව ඇත.වෙන වෙනම වැදෑමහ සහ ඇම්නියොටික් මල්ලක් තිබීම හේතුවෙන් ඉසෙබෙලා දවස් තුනකට පසු ප්‍රසූත කිරීමට කාර්මන් මාර්ටිනස්ට හැකියාව ලැබුන බව පැවැසෙයි.
“මෙවැනි සිදුවීමක් මගෙ රාජකාරී ජීවිතය තුල සිදු වුනාමයි” යැයි කාර්මන් මාර්ටිනස් ගේ වෛද්‍යවරයා වූ දොස්තර ජේම්ස් ටැඩ්වික් ප්‍රකාශ කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්