කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබෙනවා.
නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වේ.
කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග අතර නිවෙස්ගත නිරෝධායනය ප්‍රමුඛ ස්ථානයක් ගනී. රෝගාශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා අය දින 14ක කාලයක් පුරා නිරෝධායනය විය යුතුය. නිරීක්ෂණ කමිටුවට අයත් එක් එක් නිලධාරීයා සතියේ එක් එක් දවස තුළ නිරෝධායන නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ඇත.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්