පොලීසිය තම උපදෙස් පිළිපැද්දේ නම් බන්ධනාගාර තුළ තදබදයක් ඇති නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළා.
ඒ අධිකරණ අමාත්‍යාංශය ආසන්නයේ ඉදිකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
“මම මේ වසංගත සමයේ පොලිසියට අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නා. අවස්ථා දෙකකදී බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කරන්න කියලා. මම අප්‍රේල් මාසයේදී ඉතා තදින්ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසට. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ ඊට හේතුව මට අපැහැදිලියි. නැවතත් මම ඒ ගැන විමසුවා ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මගෙන් ඉල්ලීමක් කළා පොලිසියට උපදෙස් ලබාදෙන්න බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කිරීමට. එම උපදෙස නොවැම්බර් මස අග වන විට ක්‍රියාවට නංවනු ලැබුවා. නමුත් අවාසනාවට මේ සිදුවීම ඇති වෙන්නේ නැහැ මගේ උපදෙස අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළා නම්. මම දුන්නේ විස්තර සහිත උපදෙස්,”යනුවෙන් නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්