නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් මිලියන ගණනක වටිනාකමින් යුත් කහ බහාලූම් 45 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රේගුව විමර්ශන ආරම්භ කර ඇත.
රජය විසින් ගෙන්වීමට සීමා පනවා තිබිය දී එය නොතකමින් මෙම කහ තොගය ඉන්දියාවේ සිට මෙරටට ආනයන කර ඇති බවත් ඒවායේ හිමිකරුවන් කවුරුන් දැයි මේ වන තුරු තහවුරුකර ගෙන නැතැයි ද රේගුව සඳහන් කරයි.
අදාළ කහ තොගය කන්ටේනර් තුළ බහාලමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ ඒවා බවට ඉදිරි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් ඒවා සියල්ල රාජසන්තක කිරීමට පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
කහ අඩංගු අදාළ කන්ටේනර් සියල්ල රේගු භාරයට ගෙන, ගෙන්වූවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ද, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
කහකුඩු මිල ඉහළ යෑමත් සමග රජය කහකුඩු සඳහා රුපියල් 750 ක උපරිම මිලක් නියම කර අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන තිබිණ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්