නුගේගොඩ, වැලිපාර ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
පෞද්ගලික බස් රථයක් මෝටර් රථයක් සහ ත්‍රිරෝදරථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
බස් රථය මුලින්ම සරසවි උද්‍යාන මාවත දෙස සිට පැමිණි මෝටර් රථයක ගැටී ඇති අතර පසුව බස් රථය මාර්ගයේ විරුද්ධ මං තීරුවට ගොස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ද ගැටී ඉදිරියට ඇදී ගොස් යළි තාප්පයක ද ගැටී තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ පිටුපස ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු සහ ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
තුවාල ලැබූ මෝටර් රථ රියැදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
මරණකරුවන් 54, සහ 30 යන වයස්වල පසුවන නුගේගොඩ සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
- Aruna news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට